Wednesday, December 9, 2015

අනේ මන්දා


ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ මහජන දිනය දා විශාල පිරිසක් ඔහු හමු වී තම කටයුතු කර ගැනීම සඳහා පෙළ ගැසී සිටියහ. ඒ අතර තරුණයෙක් ඇඹරි ඇඹරී ප්‍රධාන අමාත්‍යවරයා ළඟට ගියේය.

මොකද ඉළන්දාරියා, ප්‍රශ්නේ? ප්‍රධාන ඇමැති විමසීය.
එහෙත් තරුණයා කතාවක් නැත. ඇඹරි ඇඹරී සිටී.
මට තව වැඩ තියෙනවා පේනව නේද සෙනඟ?
අනේ ඇමැතිතුමා මට පොලිසියෙන් හරි කරදර?
ඒ මොකද මං පොලිසියට කියන්නම්. ඔහේට පාඩුවෙ ඉන්න දෙන්න කියල.

අන්න හරි ඇමැතිතුමා මට දවසකට ගංජා සුරුට්ටු දෙකක් ඕනෑ. ඒත් මේ පොලිසියෙන් තමයි කරදර. මට දවසකට තව එක ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගන්න බලපත්‍රයක් ලබා දෙන්නකෝ.
තරුණයාගේ ඉල්ලීමෙන් මහ ඇමැතිවරයා උඩ ගොස් බිම වැටුණේය.
මේ ඉළන්දාරියා ගංජා නීති විරෝධී දෙයක්. මට බෑ තරුණයන් ඒකට හුරු වෙනවා බලන් ඉන්න.
එහෙනම් ඇමැතිතුමා මේ හැම තැනම සිගරැට් විකුණන්නේ. සිගරැට් විතර ගංජා ශරීරයට අගුණ නෑනේ.
ඒක මෛත්‍රිපාල ඇමැතිතුමා එක්ක බලා ගන්නවා. මට නම් බෑ නීති විරෝධී ක්‍රියාවකට අනුබල දෙන්න.

බලාපොරොත්තු කඩ වූ තරුණයා බැණ බැණ යන්නට ගියේය.
ගංජා කියන්නේ අප රටේ පුරාණ කාලයේ ඔෟෂධයක්. සුද්දන් එය තහනම් කළ අතර, අපේ කළු සුද්දන්ද එම නීතිය අදත් අකුරටම පිළිපැද ගංජා තහනම් කර තිබේ.
ගංජාවලට ආයුර්වේදය කියන්නේ තෛ්‍රලෝක විජයාපත්‍ර කියායි. ඒ කියන්නේ ගංජා උරන මිනිහාට තුන් ලෝකයම පෙනෙන බවය.
කෙසේ වෙතත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙක ගංජාවලට ප්‍රසිද්ධය. මේ ඊයේ පෙරේදා ඒ පළාත්වල ගංජා සංහාරයක් ඇරැඹූ උසස් පොලිස් නිලධාරියකුට ගංජා හුටංලාගේ බලපෑම මත මාරු වී යන්නට සිදුවිය.

කලකට ඉහත හම්බන්තොට පළාතේ ගංජා හුටං නමින් හැඳින් වූ දේශපාලනඥයෙක් සිටියේය. ඔහු තංගල්ල පැත්තෙන් පාර්ලිමේන්තුවට තරග කෙළේය. ඒ පළාතේ සිටින ගංජා උරන්නන්ගේ සංඛ්‍යාව කොතෙක්ද යත් අර ගංජා හුටං වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගියේය. ගංජා විරෝධී ශෂීන්ද්‍ර රාජපක්‍ෂට විරුද්ධව ගංජා හුටංලා දැන සිටියොත් ඔහුට ලබන ඡන්දයේදී සිදුවන්නේ ගෙදර යන්නටය.
මා හට ගංජා ඉරීම ගැන වැඩි අත්දැකීමක් නැත. අරක්කු ගැන නම් සාමාන්‍ය දැනීමක් තිබේ. ඔය ඉඳහිට ඇඟේ පතේ අමාරුවට අරික්කාලක් විතර පාවිච්චි කිරීම වරදක් නොවේ.

මා 'දිනකර' පත්‍රයේ සේවය කරන කාලයේ අමරබන්දු රූපසිංහ දිනක් ගංජා සුරුට්ටුවක් උරන්නට මට බල කෙළේය.
උඹ හිමිජ්ජා වගේ ඉන්නේ නැතුව මේ සූලම පොඩ්ඩක් උරපන්. පත්තරේ දාන්න ඕනෑ තරම් අදහස් පහළ වේවි. ඔහු කීය.
ඒ අනුව මම ඔහුගේ ගංජා සුරුට්ටුවෙන් උගුරක් ඇද්දෙමි. මට තුන් ලෝකයම පෙනෙන්නට විය. එදාට පසු ගංජා සුරුට්ටුවක් බොන අසලකින්වත් මා සිටින්නේ නැත.
ගංජාවල හැටි එහෙමය. හෙරොයින් මෙන් ඇබ්බැහි නොවේ. ඕනෑ වෙලාවක නවත්වා දමන්නට පුළුවන.

අප හිතවත් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට මේ ගංජා ප්‍රශ්නය විසඳීමට හැකි බව අපේ විශ්වාසයයි. දැනට සිගරැට් පැකැට්ටුවේ ගසන්නට යන පාඨයට සමාන පාඨයක් ගංජා සිගරැට් පැකැට්ටුවේද ගැසිය හැකිය. මන්ද ගංජා සිගරැට් නිපදවීමට කොම්පැනිවලට බලය දුන්නොත් විශාල මුදලක් බදු වශයෙන් රජයට ලබා ගත හැකිය.
සිගරැට් පැකැට්ටුවේ ගසන 'දුම්බීමෙන් පිළිකා හට ගන්නට පුළුවන' කියන පාඨයට සමාන පාඨයක් ගංජා සිගරැට්ටු පැකට් එකේද මුද්‍රණය කළ හැකිය.
'ගංජා ඉරීම ශරීර සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන. නොවන්නටද පුළුවන' වැනි පාඨයන් සඳහන් කළොත් දැනට සිගරැට්වලින් රජය ලබා ගන්නා බදු මුදලට වඩා කෝටි ගණන් බදු මුදල් ලබා ගැනීමට හැකිවන බව ෂුවර්ය.

සාමාන්‍යයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය ගංජාවලට ප්‍රසිද්ධ නිසා ඒ පළාත මේ සඳහා වෙන් කළ හැකිය.
කලකට උඩදී හම්බෙගමුව පැත්තේ දේශපාලනඥයකුට අයත් විශාල ගංජා ගොවිපොළක් තිබුණේය. කුමන සද්ක්‍රියාවක් වුවද කිරීමට දේශපාලන අනුග්‍රහය නැතිව බැරිය.
මේ කියන දේශපාලනඥයාට ඉටි රූපයක් වැනි බිරියක් සිටියාය. ගංජා හේන් වගා කිරීම සඳහා යෙදවූ පිරිස අතර කහටගස්දිගිලියෙන් පැමිණි තරුණයෙක්ද සිටියේය.
මේ ඇහුණද? අර කහටගස්දිගිලියේ ඉඳල ආපු සමන් හරි හොඳ කොල්ලා. මේ ගෙදර නවත්වා ගත්තොත් ගෙදර ‍ෙදාරේ වැඩක් කරවා ගන්නට පුළුවන් දිනක් මේ බිරිය සැමියාට කීවාය.

දේශපාලනඥයෝ බිරියන් ඉදිරියේ මෝඩයෝ වෙතැයි යන කියමන සනාථ කරමින් ඔහු ඊට එකඟ විය.
දැන් සමන් සිටින්නේ මන්ත්‍රිගේ ගෙදරය. ඔහුගේ බිරිය කෙසේ හෝ සමන් දැලේ දා ගත්තාය.
මේ සමන් මේ යකත් එක්ක දීග කාල මට දැන් ඇති වෙලා. ගංජා වැවිල්ල ගැන මිසක් මං ගැන එයාගේ කිසිම සැලකිල්ලක් නෑ. නරකද අපි දෙන්න එක්වුණොත්.
කහටගස්දිගිලියෙන් ආවත් කොල්ලා මෝඩයකු නොවේ.

ඒ වුණත් මැඩම් මන්ත්‍රිතුමා දැන ගත්තොත් මං කපෝති නේද?
කිසි දේකට බය වෙන්න එපා, මගේ ළඟ ගංජා විකුණලා ගත්තු සල්ලි රුපියල් පනස් ලක්‍ෂයක් තියෙනවා. අපි දෙන්න හිමිහිට කහටගස්දිගිලියට පැනල යමු.
පනස් ලක්‍ෂයක් තිබෙනවා නම් මොනා කරන්නට බැරිද? කොල්ලා වැඩේට කැමැති විය.
මන්ත්‍රිතුමාගේ පැජරෝ වාහනයෙන් දිනක් කොල්ලා මැඩම් කැඳවා ගෙන කහටගස්දිගිලියට ගියේය.
උදේ බලන විට බිරිය නැත.
අනේ මගේ ලක්‍